Posts

Sri Lanka : A Land of Paradise or Parodies?

Image
Dear dad, How are you my old man? I really hope you are doing fine. I know that ever since I married a Sri Lankan girl against your will, things have not been that great between us. But I just want you to know that even though I’m American and my wife Nilanthi is not, our marriage is going as strong as anyone’s.   So dad, Nilanthi had been wanting to travel to Sri Lanka to celebrate Christmas with her family for a long time, so for once I decided to listen to her this time. Honestly, now I wish I hadn’t. Because we came to Sri Lanka the previous year for Christmas and now we’re stuck here, unable to travel back to USA due to flight restrictions. Since you do not answer my phone calls anymore, here I am telling you that my family and I are okay. I’m pretty sure you too are bored because of this social distancing thing. So I thought of sharing some interesting facts about Sri Lankans, and fascinating things that Sri Lankans are capable of doing , from which we, the Ameri

Oscillating වසන්ත

සරල අනුවර්තීය චලිතය ඇසුරෙන් වසන්ත සේනානායකගේ පිල් මාරුව පැහැදිලි කිරීම. (උපහාසයට පමණි) මේ සදහා සරල අවලම්බයක චලිතය උදාහරණයට ගනිමු. නවතම පුවත් අනුව වසන්ත සේනානායක යූඇන්පීයෙන් පොහොට්ටුවට පැන්නේ රට, ජාතිය පිළිබද ආලය නිසා බව පැවසේ. ඒ අනුව "රට, ජාතිය" යනු සරල අවලම්බයකට අනුරූපව එහි කම්පන කේන්ද්‍රයයි. ආලය යනු ත්වරණයයි. ඕනෑම මොහොතකදී සරල අවලම්බයක් එහි කම්පන කේන්ද්‍රය දෙසට ත්වරණයකට ලක්ව ඇති බව අපි දනිමු. ඒ හේතුවෙන් කම්පන කේන්ද්‍රයෙන් දකුණු පස පිහිටන සරල අවලම්බයක් කම්පන කේන්ද්‍රය පසුකොට වම් පසටද, කම්පන කේන්ද්‍රයෙන් වම් පස පිහිටන සරල අවලම්බයක් කම්පන කේන්ද්‍රය පසුකොට දකුණු පසටද ආදී වශයෙන් දෝලනය වේ. ඒ අනුව වසන්ත සේනානායකද තමා කම්පන කේන්ද්‍රයෙන් වම් පස (යූඇන්පී යේ) සිටින විට කම්පන කේන්ද්‍රය (රට, ජාතිය) කෙරෙහි තිබෙන ත්වරණය (ආලය) නිසා කම්පන කේන්ද්‍රයෙන් දකුණු පසට (පොහොට්ටුවට) දෝලනය වීමට පෙළැඹේ. තවද සරල අවලම්බයක් තම කම්පන කේන්ද්‍රයේ සිට විස්ථාපනය උපරිම වන අවස්ථාවේදි (එනම් කම්පන විස්තාරයේදී) කම්පන කේන්ද්‍රය දෙසට වන ත්වරණය උපරිම වේ. එලෙසම වසන්ත සේනානායකද එක් පක්ෂයකින් තවත් පක්ෂයකට පැනීමට ආසන්න

Tell her....

Tell her, Tell her that I loved her, From the bottom of my heart, That every single piece of my soul, Wanted every single piece of hers. Matching weren’t we? Yeah we were, maybe Think about the times we had, The tears we shed, Our dreams, our goals, They’re all gone now Or are they? Star crossed lovers, That’s what I used to hear, Perhaps that was true I’ll never know for sure It’s a small world my dear, We will cross our paths again, But nor will our hearts Or will they?

හිසේ කැක්කුම (කෙටිම කෙටි කතාව)

" පුතේ නැගිටින්න දැන් නවයත් පහුවෙලා..." මුලුතැන්ගෙයි හුන් තම මවගේ කෑගැසීමට තම කාමරයේ නිදා සිටි තරුණයා අවදි විය. තමාට අන් කවරදාටත් වඩා තදින් නින්ද ගියේ මන්දැයි ඔහුට සිතා ගත නොහැකි විය. හිසෙහි තද වේදනාවක් දැනුනු අතර ඒ පෙරදා රාත්‍රියේ සාදයේදී තමා පානය කල මත්පැන් වල අතුරු ප්‍රතිපලයක් දෝ යැයි සිතමින් ඔහු ඉක්මන් ගමනින් මුලුතැන්ගෙය දෙසට පියමන් කරන්නට විය. තම පියා පු‍ටුවක හිදගෙන පුවත්පතක් බලමින් සිටි අතර මව උදෑසන ආහාරය පිසිමින්  සිටියාය . " පව්, පුතාට එලාම් එක තියන්න අමතක වෙන්නැති....ඒක නෙවෙයි, ඊයේ රෑ එයාගෙ කාමරය පැත්තෙන් දඩස් ගාල සද්දෙකුත් ආව ඇහුනද?" ඔහු එත්ම ඔහුට පි‍ටුපා සිටි ගෘහණිය තම ස්වාමිපුරුෂයා  දෙස බලමින් කීය. පුවත්පතින් දෑස් ඉවතට නොගෙනම තම පියා එයට හිස වනා එවන් දෙයක් නොඇසුණු බව අගවන ආකාරය ඔහු ඇස් කොනින් දිටීය. තමාටද එවන් දෙයක් නොඇසුනු බව ඔහු කල්පනා කලේය. පෙරදින සිදුවූ අමිහිරි සිදුවීම තම දෙමාපියන් හමුවේ පැවසීම කල්දැමීම නුහුරු බව වටහාගත් ඔහු සිතට දිරිගෙන " ඊයේ පාටියෙදි මායි රොශානුයි අතරෙ පොඩි රණ්ඩුවක් ගියා" යි පැවසීය. දෙමහල්ලන් එයට විශේෂ අවධානයක් යොමු නොකරන

නවීන්ගේ තුනෙන් දෙක!

නවීන් දිසානායක යනු සාමාන්‍ය පෙළ සමත් වී උසස් පෙළට අප පාසලට පැමිණි සිසුන් අතරින් එක් අයෙකි.(නෑ නෑ අර මේ ළගදි පාර්ලිමේන්තුවේ මැදගිල්ල පෙන්නපු එකා නෙවෙයි) ඔහුගේ කලින් පාසල කොළඹ කේරි විද්‍යාලය බව මගේ මතකයේ ඇත. උසස් පෙල සමයේ මා දුන් ලණු වැඩිපුරම කෑවේ මූ ය. (ඒ සියල්ලටම සරිලන පරිදි වරක් තීක්ශනයා මට හොදවයින් ලණුවක් අඹරා දුන් බවද මට මතකය. ඒ පිලිබද පසුවට ලියමි) නවීනයාට එක්තරා පුරුද්දක් තිබුණි. එනම් ඉංග්‍රීසි කාල පරිච්ඡේදයේදී (මා ඉංග්‍රීසි භාෂාවේ කෙල පැමිණියකු නොවන මුත්) මාගෙන් අමාරු ඉංග්‍රීසි වචන අහගැනීමයි. වරක් ඉංග්‍රීසි ගුරුතුමිය notice එකක් ලිවීමට අපට පැවරුවාය. මාගේ මතකයට අනුව එය පුරාවස්තු ප්‍රදර්ශනයකදී නරඹන්නන් හට ඔවුන් කළ යුතු දෑ හා නොකල යුතු දෑ පිලිබද  උපදෙස් සටහනකි. ලියා නිමවූ පසු එක් එක් සිසුවා පංතිය ඉදිරියට ගොස් තමා ලිවූ  සටහන කියැවිය යුතුව තිබුණි. නවීනයා මෙයට අදාලව notice එක ලියා එහි නොගැලපෙන වචන හා grammar mistakes ඇත් දැයි බලන ලෙස මගෙන් ඉල්ලීය. අවස්තාවෙන් ප්‍රයෝජන ගත් මම එහි ඇති විවිධ වචන කපා ඒ වෙනුවට ලිංගිකත්වය හා සම්බන්ධ වචන (p***s,v****a,b**bs ආදී) ලිවීමි. එසේ edit කෙරූ එක් වාක්‍ය

ප*යා

මාගේ සමීපතම මිතුරන්ගේ නමෙහි අගට ප * යා ( මැදට කැමති අකුරක් දාගන්න හොදේ ) කියා ලිවීමේ කැත පුරුද්දක් එකල මට තිබුණි . ඒ අනුව මා අසල සිටි නිදීශයාගේ නම K.K.H Nideesha ප * යා ලෙසත් පැතුමයාගේ නම B.L.P.E. Kularatna ප * යා ලෙසත් විකෘති වී ඔවුන්ගේ පොත්වල මුල් පිටුවල ලියා තිබීම එකල සුලබ දසුනක් විය . වරක් පැතුමයා වාර විභාගය ලියන්නට ගෙන ආ ෆුල්ස්කැප් කොල කිහිපයක මම ප * යා කියා ලීවෙමි . පසුව එය ඔහු දැක මට බැන බැන එය ටිපෙක්ස් කලේය . එදින තිබුණේ රසායන විද්‍යාව දෙවෙනි ප්‍රශ්න පත්‍රයයි . විභාගය අතරතුරදී අප පන්තියේ සිසුවකු වූ රාජකරුණා හෙවත් ජෙන්ඩා මාගෙන් ෆුල්ස්කැප් කොල කීපයක් ඉල්ලූ අතර මම ඔහුට ෆුල්ස්කැප් කොල දෙකක් හෝ තුනක් ලබා දුන්නෙමි . එය එතැනින් නිමාවූ අතර අපි විභාගය නිමකොට ගෙදර ගියෙමු . ඉන් දින කීපයකට පසු ( මා පාසල් නොගිය දිනක ) අපගේ පංතිභාර ගුරුතුමා මෙන්ම අපට රසායන විද්‍යාව ඉගැන්වූ ගුරුවරුන් දෙපලගෙන් එක් අයෙකු වූ කීරවැල්ල සර් ජෙන්ඩා ගෙන් " තමුසෙ මොකද ඕයි තමුසෙගෙ   නම පේප

කවුද අයිසේ උඩුබුරන්නේ?

මාගේ මතකයට අනුව ඒ 12 වසර පලමු වාර විභාගය අවසන් වූ අලුතයි . අප පංතිභාර ගුරුතුමා වූ කීරවැල්ල සර් ගුරු මේසයට වී ප්‍රගති වාර්තා පොත් සකසමින් සිටියේය . මාත් , නිදීශයාත් , පැතුමාත්, තීක්ශනයාත්, අවිශ්කයාත් , ලහිරුවාත් , පාලයාත් පංතිකාමරයේ පසෙකට වී ඩෙස් වලට තට්ටු කරමින් සිංදු කියමින් සිටියෙමු . පැතුමයාද කොහෙදෝ  මට  අමරදේවගේ ගීතයක් ගයන්නැයි   කීවේය . මාද අභියෝගය බාරගෙන " වැලිතල අතරේ හෙමිහිට බසිනා " සින්දුව ගායනා කළෙමි . ( වැලි තල අතරේ .. හෙමිහිට බසිනා .. නේරන්ජන නදියේ ...)  ෆුල් බොක්කෙන්ම කියමින් සිටි මම ගීතයේ උච්චතම අවස්තාවේ " ආ ... ආ ..." කියා අතින්ද කොටසක් දමා අදිමින් අතිශය සම්භාව්‍ය ආකාරයට ගීතය ගයමින් සිටියෙමි . එක්වරම ගුරු මේසය දෙසින්   කීරවැල්ල සර්ගේ කෝපාවිෂ්ඨ කටහඬ ඇසුනි . " කවුද අයිසේ උඩුබුරන්නෙ ?... මේක පංතිකාමරයක් කියල අමතක උනාද ?" යැයි ඔහු ගර්ජනා කළේය . මා සිතුවේ ඔහු එය පැවසුවේ විහිලුවට කියාය . නමුත් ඔහුගේ මුහුණ දුටු මට ඔහු සැබවින්ම කෝපයට පත්ව සිටින බව අවබෝධ